සිතත් එක්ක මියෙන තුරා ගමන් කරන ජීවිතයට...

ඇත්තෙන් ම සුන්දර නෑ මේ සිත. අල්ලන්නට බැරි මේ සිත... ඇසට.. කනට.. නාසයට.. දිවට.. කයට.. මනසට.. අනුවයි ඔහේ දුව ඇවිදින්නෙ.. ඒ සිත දමනය කරන සොඳුරු දහමට මා හසුවේවා...

This is default featured slide 3 title

Thursday, November 27, 2014

නිර්මිත කාමයන් හා රූප රමනය..

නිර්මිත කාමයන් යනු අරමුණු සිතින් මවමින් ඒ අරමුණු ඔස්සේ සිත සන්තර්පනය කිරිම යි. 
රූප අරමුණු ය, 
ශබ්ධ අරමුණු ය, 
ගන්ධ අරමුණු ය, 
රස අරමුණු ය, 
ස්පර්ශ අරමුණු යැයි  කාම අරමුණු සිතට පස් ආකාරයකින් ගලනවා. නිර්මිත කාමයන් කියන්නෙ මේ කාම අරමුණු ඔස්සේ රමනයේ යෙදීම යි. කායික රමනයක් වේවා.. 
සිතින්  කරන රමනයක් වේවා.. 
කාමෝද්දීපනය කරන වචන ඔස්සේ කරන රමනයක් වේවා.. මේ කාම අරමුණු පවත්වන්නට මේ සිත සමතෙකි. එයින් අතෘප්තිකර ආශාවක නැවත නැවත යෙදෙන්නේ බොහෝ විට සිහි කල්පනාවෙන් තොරව යි. සිය චිත්ත සන්තානයේ ම කාම ගුණ සන්තර්පනයෙන් නිර්මිත කාමයන් පවතිනවා.

පරනිර්මිත කාමයන් යනු අනුන් ඇති කරන කාමයන් වේ. මේ බාහිර ලෝකයේ මිනිසුන් මුල් වෙලා කාමයන් පවත්වන්නට යම් තාක් දේ ගොඩනැඟුවා ද අන්න ඒවා බාහිර කාමයන් ය. ඒවා ද අපට ග්‍රහණය වන්නේ රූප අරමුණු, ශබ්ධ අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, ස්පර්ෂ අරමුණු ඔස්සේ මයි. පරනිර්මිත කාමයන් ලෙස කාම  පර්යේෂණයේ යෙදෙමින් මිනිසා එක එක දේ නිපදවනවා. නව තාක්ෂණය ඔස්සේ රූපවාහිනි, මොබයිල් දුරකථන, පරිගණක, නවීන වාහන, මෙකී නොකී අනේක දෑ පරනිර්මිත කාමයන් ය.

අනිර්මිත කාමයන් යනු මෙතෙක් ඇති නොකරන ලද කාමයන් ය. අනාගතයේ තමා විසින් හෝ අනාගත ලෝකයේ මිනිසා විසින් හෝ  නිපදවන්නට ඇති කාමයන් අනිර්මිත කාමයන් වෙයි. ඒවාද අනාගතේ අපට කාම රමනය පිණිස එන්නේ රූප අරමුණු, ශබ්ධ අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, ස්පර්ෂ අරමුණු ඔස්සේ මයි. 

මේ කාම සන්තර්පනයට සීමාවක් නැත. මේ සිත කාම සන්තර්පනයෙන් තෘප්තිකර වන්නේ නැත. කායිකව මිනිසා කාම සේවනයේ යෙදී අවසන කාමයේ රසය සංසිඳී ගියා යැයි සිතුවද නැවතත් ඔහු කරන්නට ආසා වන්නේ එය ම ය. මානසිකව මිනිසා කාම සිතිවිලි සන්තර්පනය කරන ගුණය ද යම් තැනෙක සංසිඳුන ද එහි නිමක් නැත. වාචසික කාම සන්තර්පනයේ ද නිමක් නැත. කාම ගුණයට අශා ඇත්තාට කාම ලෝකයේ දියුණුවක් ඇත්තේ ඔහු ඒවා භාවිතා කරමින් සිය දියුණුව පිණිස කටයුතු කිරීමෙන් වේ. ඒ මිස ඔහු ඒ කාම ගුණ ඔස්සේ සිත අයාලේ යන්නට ඉඩ දීමෙන් කාම ලෝකයේ දියුණුවක් ඔහුට නැත.