Wednesday, June 11, 2014

මිනිසාගේ විනාශයට හේතු





පසුගිය කාලෙම ගංවතුර ගැලූව. දහස් ගණනක් පිරිස අනාථ වුණා. දේපළ විනාශ වුණා. බාහිර සැප සම්පත් අහිමි වනවිට හූල්ලමින් හඬන ලෝකයක අපි අපිත් කළේ හඬා වැළපෙන එක යි. දුක් විඳල විඳල හරි හම්බ කරපු සේසත ම වතුරට ගසාගෙන යද්දි ඇතිවන වේදනාව කියන්න  ඕන නැහැ නෙ. අසරණ වූ ඒ පිරිසගේ වේදනාව මඳක් හෝ දුරළා ගැනීමටල මේ රටේ අන්‍යයන්ට උපකාර කිරීමේල දන් දීමේ ගුණය වඩාත් ම හේතු වුණා...

ඊලඟ විනාශය කවදා ද? ඒක නො දැන මේ වාරයේ විනාශ වුණු ගෙවල් දොරවල් නැවතත් හදන්න වෙනව.. ධනය රැස් කරන්න වෙනව.. රස්සා කරන්න වෙනව.. ඒ සියල්ලට හේතුව නිමක් නැති ජීවන රටාවකට හිරවුණු ජීවිත ගෙවා දැමීම යි.. ඇත්ත කතාව නම්.. ‘අපිට මේ ජීවත් වෙන රටාවෙන් ගැලවෙන්න ක‍්‍රමයක් නැත’ යන්නයි..

නමුත් ඒ රටාව තුළ ජීවත් වෙමින් ම හිත රැකගන්න අපට පුළුවන් නම්.. එය කොච්චර ලාභයක් ද? අන්න ඒ කෙනාට මොන ගංවතුර ආවත් මොන විනාශයක් ආවත් හිතේ ශක්තිය තියෙනව.. බිඳ වැටුණු ජීවිතයට නැවතත් මුහුණ දෙන්න..

අපේ විනාශයට හේතුවන දේ අත්හැරියොත් අපේ හිත රැකෙනව.. අන්න එහෙම කාරණා ටිකක් දැනගෙන දරාගෙන ඉන්න එක වටිනව.. මොකද.. ජීවිතේ සංසිද්ධි වලට මුහුණ දෙනකොට ඇසූ කියවූ මේ ධර්මය ම යි අපට උපකාර වෙන්නෙ.. අන්න එහෙම ධර්ම කරුණක් හොඳින් මතක තබා ගැනීමෙන් ජීවත්වීමේදී සිත රැකගත හැකි වෙනවා.. බුුදු රජාණන් වහන්සේ අපට කියා දෙනව...                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               

”හිරු උදාවන තෙක් නිඳා ගැනීම ද  පර ස්ත‍්‍රීන් සමඟ වැරදි කාම සේවනය කිරීම ද අනුන්හට වෛර කිරීම ද තමාටත් අනුන්ටත් අනර්ථය පිණිස පවත්නා ක‍්‍රියා කිරීම ද පාප මිත‍්‍ර සේවනය ද තද මසුරුකම ද මේවා මිනිසා විනාශ කරන්නේ ය.”

”පාප මිත‍්‍රයන් ඇසුරු කිරීම ද පාපී ක‍්‍රියා කිරීම ද පාපී ඇවතුම් පැවතුම් තිබීම ද සුරා පානය කරන ස්ථාන ආදී නො මනා තැන්වල හැසිරීම ද යන දේ කරන තැනැත්තාගේ මෙ ලොව හා පරලොව පිරිහෙන්නේ ය..”

”සූදුව ද පර ස්ත‍්‍රීන් සේවනය ද මත් පැන් පානයෙහි හා නැටුම් ගැයුම් ආදියේ ඇලී වාසය කිරීම ද දහවල නිඳා ගැනීම ද නොමනා වැඩකටයුතු සඳහා අකාලයේ ඇවිදී ම ද ඇසුරු නොකළ යුතු මිතුරන් ඇති බව ද තදින් ම මසුරු බව ද යන මේ කරුණු හය මිනිසා නසන්නේ ය..”

”යමෙක් සූදුවෙහි යෙදෙයි ද සුරා පානය කෙරේ ද ප‍්‍රාණ සමව ආරක්ෂා කරන අන් ස්ත‍්‍රීන් සේවනය කරයි ද ගුණයෙන් හීන අය සේවනය කරයි ද වැඩිහිටියන් සේවනය නො කරයි ද ඔහු කාල පක්ෂයේ සඳ මෙන් පිරිහෙන්නේ ය..”  (සිඟාලෝවාද සූත්‍රයෙන් )

0 comments:

Post a Comment