සිතත් එක්ක මියෙන තුරා ගමන් කරන ජීවිතයට...
ඇත්තෙන් ම සුන්දර නෑ මේ සිත. අල්ලන්නට බැරි මේ සිත... ඇසට.. කනට.. නාසයට.. දිවට.. කයට.. මනසට.. අනුවයි ඔහේ දුව ඇවිදින්නෙ.. ඒ සිත දමනය කරන සොඳුරු දහමට මා හසුවේවා...
සිතත් එක්ක මියෙන තුරා ගමන් කරන ජීවිතයට...
ඇත්තෙන් ම සුන්දර නෑ මේ සිත. අල්ලන්නට බැරි මේ සිත... ඇසට.. කනට.. නාසයට.. දිවට.. කයට.. මනසට.. අනුවයි ඔහේ දුව ඇවිදින්නෙ.. ඒ සිත දමනය කරන සොඳුරු දහමට මා හසුවේවා...
This is default featured slide 3 title
ඇත්තෙන් ම සුන්දර නෑ මේ සිත. අල්ලන්නට බැරි මේ සිත... ඇසට.. කනට.. නාසයට.. දිවට.. කයට.. මනසට.. අනුවයි ඔහේ දුව ඇවිදින්නෙ.. ඒ සිත දමනය කරන සොඳුරු දහමට මා හසුවේවා...
සිතත් එක්ක මියෙන තුරා ගමන් කරන ජීවිතයට...
ඇත්තෙන් ම සුන්දර නෑ මේ සිත. අල්ලන්නට බැරි මේ සිත... ඇසට.. කනට.. නාසයට.. දිවට.. කයට.. මනසට.. අනුවයි ඔහේ දුව ඇවිදින්නෙ.. ඒ සිත දමනය කරන සොඳුරු දහමට මා හසුවේවා...
සිතත් එක්ක මියෙන තුරා ගමන් කරන ජීවිතයට...
ඇත්තෙන් ම සුන්දර නෑ මේ සිත. අල්ලන්නට බැරි මේ සිත... ඇසට.. කනට.. නාසයට.. දිවට.. කයට.. මනසට.. අනුවයි ඔහේ දුව ඇවිදින්නෙ.. ඒ සිත දමනය කරන සොඳුරු දහමට මා හසුවේවා...
Thursday, November 27, 2014
නිර්මිත කාමයන් හා රූප රමනය..
Wednesday, June 11, 2014
මිනිසාගේ විනාශයට හේතු
පසුගිය කාලෙම ගංවතුර ගැලූව. දහස් ගණනක් පිරිස අනාථ වුණා. දේපළ විනාශ වුණා. බාහිර සැප සම්පත් අහිමි වනවිට හූල්ලමින් හඬන ලෝකයක අපි අපිත් කළේ හඬා වැළපෙන එක යි. දුක් විඳල විඳල හරි හම්බ කරපු සේසත ම වතුරට ගසාගෙන යද්දි ඇතිවන වේදනාව කියන්න ඕන නැහැ නෙ. අසරණ වූ ඒ පිරිසගේ වේදනාව මඳක් හෝ දුරළා ගැනීමටල මේ රටේ අන්‍යයන්ට උපකාර කිරීමේල දන් දීමේ ගුණය වඩාත් ම හේතු වුණා...
ඊලඟ විනාශය කවදා ද? ඒක නො දැන මේ වාරයේ විනාශ වුණු ගෙවල් දොරවල් නැවතත් හදන්න වෙනව.. ධනය රැස් කරන්න වෙනව.. රස්සා කරන්න වෙනව.. ඒ සියල්ලට හේතුව නිමක් නැති ජීවන රටාවකට හිරවුණු ජීවිත ගෙවා දැමීම යි.. ඇත්ත කතාව නම්.. ‘අපිට මේ ජීවත් වෙන රටාවෙන් ගැලවෙන්න ක‍්‍රමයක් නැත’ යන්නයි..
නමුත් ඒ රටාව තුළ ජීවත් වෙමින් ම හිත රැකගන්න අපට පුළුවන් නම්.. එය කොච්චර ලාභයක් ද? අන්න ඒ කෙනාට මොන ගංවතුර ආවත් මොන විනාශයක් ආවත් හිතේ ශක්තිය තියෙනව.. බිඳ වැටුණු ජීවිතයට නැවතත් මුහුණ දෙන්න..
අපේ විනාශයට හේතුවන දේ අත්හැරියොත් අපේ හිත රැකෙනව.. අන්න එහෙම කාරණා ටිකක් දැනගෙන දරාගෙන ඉන්න එක වටිනව.. මොකද.. ජීවිතේ සංසිද්ධි වලට මුහුණ දෙනකොට ඇසූ කියවූ මේ ධර්මය ම යි අපට උපකාර වෙන්නෙ.. අන්න එහෙම ධර්ම කරුණක් හොඳින් මතක තබා ගැනීමෙන් ජීවත්වීමේදී සිත රැකගත හැකි වෙනවා.. බුුදු රජාණන් වහන්සේ අපට කියා දෙනව...
”හිරු උදාවන තෙක් නිඳා ගැනීම ද පර ස්ත‍්‍රීන් සමඟ වැරදි කාම සේවනය කිරීම ද අනුන්හට වෛර කිරීම ද තමාටත් අනුන්ටත් අනර්ථය පිණිස පවත්නා ක‍්‍රියා කිරීම ද පාප මිත‍්‍ර සේවනය ද තද මසුරුකම ද මේවා මිනිසා විනාශ කරන්නේ ය.”
”පාප මිත‍්‍රයන් ඇසුරු කිරීම ද පාපී ක‍්‍රියා කිරීම ද පාපී ඇවතුම් පැවතුම් තිබීම ද සුරා පානය කරන ස්ථාන ආදී නො මනා තැන්වල හැසිරීම ද යන දේ කරන තැනැත්තාගේ මෙ ලොව හා පරලොව පිරිහෙන්නේ ය..”
”සූදුව ද පර ස්ත‍්‍රීන් සේවනය ද මත් පැන් පානයෙහි හා නැටුම් ගැයුම් ආදියේ ඇලී වාසය කිරීම ද දහවල නිඳා ගැනීම ද නොමනා වැඩකටයුතු සඳහා අකාලයේ ඇවිදී ම ද ඇසුරු නොකළ යුතු මිතුරන් ඇති බව ද තදින් ම මසුරු බව ද යන මේ කරුණු හය මිනිසා නසන්නේ ය..”
”යමෙක් සූදුවෙහි යෙදෙයි ද සුරා පානය කෙරේ ද ප‍්‍රාණ සමව ආරක්ෂා කරන අන් ස්ත‍්‍රීන් සේවනය කරයි ද ගුණයෙන් හීන අය සේවනය කරයි ද වැඩිහිටියන් සේවනය නො කරයි ද ඔහු කාල පක්ෂයේ සඳ මෙන් පිරිහෙන්නේ ය..” (සිඟාලෝවාද සූත්‍රයෙන් )
Sunday, May 25, 2014
හිතත් එක්ක...
කොහෙ හිටියත්
මොනව කළත්
ඉන්න වෙන්නෙ
හිතත් එක්ක..
මැරෙන තුරා
ඔබෙත් මගෙත්
ජීවිතේම
හිතත් එක්ක..
වදයක් වී
පසුතැවුණත්
මිදෙන්න බෑ
හිතත් එක්ක..
තනි වෙනකොට
හීන අතර
මිහිරියි මේ
හිතත් එක්ක..
Thursday, April 24, 2014
හිත නොකියන හිතක ගති
අපි හිතට එන එන දේ කතා කරල දවසකට කොච්චර නම් වචන පිට කරන්නට ඇද්ද? ඒ වචන වලින් කොච්චර අන් අය රවට්ටන්න ඇද්ද? අපි වචන කතා කරද්දි නොදැකපු දේ දැක්ක කියල, නොඇසූ දේ ඇසුව කියල, නොකළ දේ කළා කියල, නො ලැබුව දේ ලැබුව කියල බොරු කියන්න කියා දුන්නෙ මේ හිතයි. ඒ බොරුවෙන් තව කෙනෙක් රැුවටෙනව කියල හිත අපට පෙන්වල දුන්නෑ. ”පොඩි බොරුවක් කිව්වට කමක් නෑ නෙ” කියල, අපට ඇති වාසි පෙන්වල, අනුන්ගේ රැුවටීමේ දුක වසක් කළ මේ හිත, වෙන කෙනෙකුගේ බොරුවක් නිසා අපි රැුවටෙද්දී ඇතිවන දුක අපට පෙන්නුවේ නෑ.
එක තැනක සිද්ධියක් වෙන තැනක ඉන්න පිරිසකට ගිහින් කියන්න කියල මේ හිත අපට කිව්ව. ඒ සිද්ධි වැරදි සහගත අන්දමින් කියල ඒ ඔස්සෙ ඒ ඒ අය වෛර බැඳගන්නව ගැටෙනව, අමනාප වෙනව කියල මේ හිත අපට පෙන්නුව ද? නෑ. අපේ සිද්ධියක් වෙන කෙනෙක් විසින් අදාළ කෙනාට කිව්වාම අපිට ඇතිවන දුක ගැන මේ හිත අපට කියා දුන්නෙ නෑ.
අපට ගැටීමක් ආවාම කේන්තියෙන් වචන හුවමාරු කරගැනීමට පරුෂ වචන කියන්න කියල මේ හිත අපට ඉගැන්නුව. ඒ පහත් පරුෂ වචන අපට ඇහෙනකොට අපේ හිතේ ඇතිවන තත්වය මේ හිත අපට පෙන්නුව ද? නෑ.
දිනෙන් දිනේ ජීවිතේ ගෙවිල යද්දි පිරිසක් එක්ක ඔහේ කතා කර කර හිටපු වෙලාවල් මතකයි නේද? රටේ ලෝකෙ ගැන, එක එක අය ගැන කතා කළ හිස් වචන අපේ ජීවිතේට කිසි යහපතක් උපද්දල දුන්නෙ නැහැ නේද? අන්න ඒ ඇත්ත මේ හිත අපට පෙන්නුවෙ නෑ. අපට ජීවිතයට ප‍්‍රයෝජනවත් දෙයක් ඇති කරගන්න තිබ්බ කායල ඒ හිස් කතා නිසා නැති වෙලා යන ආකාරය මේ හිත අපට පෙන්නුවෙ නෑ.
තමන්ට වාසියක් ඇතිවන ආකාරයෙන් ජීවිතය සකස්කර ගන්නට එක එක දේවල් කරන්න කියල මේ හිත අපට කියා දෙනව. අපේ ජීවන පැවැත්ම අපිරිසිදු වුණත් පිරිසිදු වුණත් වාසියට ම වැඩ කරන්නයි මේ හිත අපට කියන්නෙ. අපේ පැවැත්මේ පිරිසිදු අපිරිසිදුතාව ගැන, අපිරිසිදු ජීවිතයෙන් ඇති අයහපත් විපාක ගැන පෙන්වල දෙන්න කිසි දාක මේ හිත ඉදිරිපත් වුණේ නෑ. ”කාලෙ හැටියටයි ජීවත්වෙන්න ඕන. ඉන්න ටිකේ සැපට ඉඳල මැරිල යන එක නෙ යහපත් පැවැත්ම කියන්නෙ” ඔන්න හිත අපට කියා දුන්න දේවල්. ඉන්න ටිකේ කුසල් කරන්න ජීවත පැවැත්මක් හදා ගන්න ඕනැයි කියල කවදාවත් මේ හිත අපට පෙන්නුවෙ නෑ.
අපට වඩා ගොඩක් සැප සම්පත් ඇතිව, බවබෝග ඇතිව, ආයුෂ ඇතිව, වර්ණය ඇතිව, කායික මානසික සැප ඇතිව ජීවත්වන අය මේ ලෝකයේ ඉන්නව. අනුන් සතු අන්න ඒ දේවලට ආස කරන්න කියලයි හිත අපට කියා දෙන්නෙ. අන් අයගෙ සැප සම්පත් දැකල ඒවට හූල්ල හූල්ල ඉන්න එක අපට කියා දුනනෙත් මේ හිත තමයි. නොලැබුණු දේවල් සහ ලබා ගන්නට දුෂ්කර දේටම අස කර කර ඉන්න මේ හිත අපට ලැබෙන දේකින් සතුටු වෙන්න කියා දුන්නෙ නෑ නේද?
අපි දිනකට කොච්චර නම් තරහ යන ගතියෙන් ඉන්නවද? තරහාව පෝෂණය කරන්නට අරමුණක් හොය හොය ඉන්න මේ හිත ඒ තරහ නිසා ම අපිව දුකට ඇදල දානව. සිත අපට තරහ උපද්දල දුන් විට අන් අයගේ සමගිය, සමාදානය, මෛත‍්‍රිය, කරුණාව ගැන කිසි සැලකිල්ලක් නෑ. හිතට තරහක් ඉපදුනාම අපේ ම කයට ඇති කරල දෙන පීඩාව විඳ දරා ගන්න ඕනත් අපි ම යි. ඒත් ඒ පීඩාව වහල තරහ තුළ ඇති ආශ්වාදයෙන් අපිව මුළා කරල දාන්නට තරම් මේ හිත හීනයි.
අපි උපන් දා සිට එක එක මතවාද දෘෂ්ඨි වලට පටලන්න මේ හිතට ඇත්තේ පුදුම හැකියාවක්. සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික මතයකට අපි අහු කරන්නත් ඒ මතය තුළ අපව ජීවත් කරවල වටිනා කාලය මරා දමන්නටත් මේ හිතමයි මුල් වන්නෙ. හිත අපට කියන්නේ ම ඒ බාහිර මතවාද නිවැරදි බවයි. අන් අය කියන්නෙ ඇත්ත ද බොරුද කියන එක විමසන්න මේ හිත ලෑස්ති නෑ. හිතට ආපු මතයේ ම එල්ලිල තමනුත් අනුනුත් පීඩාවට ලක් වෙනකොට ඒක අපේ ජයග‍්‍රහණයක් කියලයි මේ හිත අපට පෙන්නුවෙ.
මේ හිත අපිව මුළා කරල කියල කව්රුත් අපට කියා දුන්න ද? අම්ම තාත්තවත් ගුරුවරුන්වත් මේ හිතේ ඇත්ත කතාව කිව්වෙ නෑ. කියන්න ඒ අය දන්නෙත් නෑ. උපන්දා සිට හිතේ මුළාවට වශී වෙලා ඉන්න අපට කල්ප ගණනකට පසුව ඒ මුළාවේ ඇත්ත කතාව අහන්න ලැබෙන අවස්ථාවක් එනව. පිනත් එක්ක අපේ ජීවිතය එක් වෙලයි ඒ දුර්ලභ අවස්ථාව උදා වෙන්නෙ. හිත පරිපූර්ණව අවබෝධ කරගෙන ඒ ගැන ලෝකයට දේශනා කරන භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසිනුයි අපේ හිතේ ඇත්ත කතාව තුන් ලෝකයට ම කියා දෙන්නෙ. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ජීවිතයක දුක්ඛිත කතාවත් ඉන් නිදහස් වන මඟත් දේශනා කරනව. අන්න ඒ ධර්මය අහන නුවණැත්තන්ට පේනව හිතේ මුළාවට අහුවෙලා තම තමන් ජීවත් වෙච්ච ආකාරය. ඒ ජීවත් වීමට නම් ඔවුන් කැමති වෙන්නෑ. ඒ ජීවිතයෙන් මිදීම පිණිසයි ඔවුන් කැමති වෙන්නෙ. මුළා වූ ජීවිතයෙන් මිදෙන්නට ඇති මාර්ගය කෙරෙහි විස්වාසයෙන් යුතුව, ඒ මාර්ගය දේශනා කළ ශාස්තෘන් වහන්සේගේ අවබෝධය කෙරෙහි විස්වාසය ඇතිව, ඒ මාර්ගයේ හැසිරෙන පිරිස කෙරෙහි පැහැදීමෙන් යුතුව නුවණැත්තන් ශ‍්‍රද්ධාවට පැමිණෙනව. ඒ වගේ ම සීලයට පැමිණෙනව, සමාධියට පැමිණෙනව, ප‍්‍රඥව උපද්දා ගන්නව.